මහමැතිවරණයේ අද මධ්‍යහ්න 12 වන වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා.
ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 34% ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ.



මාතලේ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 46% ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ 45% ක් ලෙස වාර්තා වෙනවා.

එමෙන්ම අද මධ්‍යහ්න 12 වන විට කුරුණෑගල, හම්බන්තොට, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල 40% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 45% ක්, දිගාමඩුල්ල 40%ක් , පොලොන්නරුව 28%ක් ,යාපනය 35%ක් ,මඩකලපුව 40%ක් ,මාතර 41%ක් සහ නුවරඑළිය 48%ක් ලෙස ද වාර්තා වෙනවා.