අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අඛේසේකර මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය ලබා දුන්නේය.



කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය.