වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සේවකයකු ඔහුගේ මුහුණු පොතේ වැල්ලවාය සභාවේ මන්ත්‍රිවරුන්ගේ අධ්‍යපන සුදුසුකම විමසමින් පළකළ විස්තරයක් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් හා උණුසුම් තත්වයක් ඊයේ (23) පැවැති මාසික සහා වාරයේදි මන්ත්‍රිවරුන්ගෙන් එල්ල වූ අතර එම සේවකයා ගෙන්වා මන්ත්‍රිවරුන් ඉදිරියේ සමාව ගතයුතු බව මන්ත්‍රිවරු එකහඩින් කියා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරු පිරිසක් මෙසේද පැවසූහ. සනිද සිල්වා (පොදුජන පෙරමුණ) මහතා මේ සභාවේ සේවකයෙක් සමාජ මාධ්‍යයේ දාලා තියෙනවා. මේකේ ඉන්නේ එන් වී කිව් ලෙවල් එකවත් දෙකවත් තුනවත් නැති මන්ත්‍රිවරු පිරිසක් කියල. මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපන තත්වය ඔබතුමා දන්නවද ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට මගේ අධ්‍යාපත තත්වය ගැන විවේචනය කරන්න පුළුවන්ද එහෙම කරන්න බෑ. මීට පෙරත් ඔහොම වැඩ කරලා තිබුණා.


 අධ්‍යාපන සුදුසුකම් නැති පිරිසක් ඉන්නේ කියලා. ගිය සතියේ කියලා එයාලාගේ තියෙන අඩුපාඩුකම් නිසා අපිට හෑල්ලුවට ලක්වෙන්න බෑ. නිසි පිළිතුරක් දෙන්න ඕනේ. වරිපනම් ටික එකතු කරන්නේ නෑ. කෝටි ගනනක වරිපනම් අයවෙන්න තියෙනවා. ඒවා එකතු කරන්න කියන්න. අපි ඒ අය ගන්න සල්ලි ගැන හොයලා
නෑ. නිලතල හොයලා නෑ. අපේ අධ්‍යපන සුදුසුකම් බලන එන්න කියන්න. අවිල්ලා අපෙන් සමාව ගන්න කියන්න. මේවා අපි විතරක් නොවෙයි දකින්නේ. සමස්ත ජනතාවක් දකිනවා  අපි ගැන මොනවද හිතන්නේ.

ශ්‍රීනාත් බදුගේ මහතා (පොදුජන පෙරමුණ)-: එක සැරයක් කිව්වා රුපියල් 15000 ක් අරගෙන
තේ එක බිලා යනවා කියලා. අපි කරන සේවය ගැනවත් දන්නවද. නිලධාරි දාලා එහෙනං කරන්නකෝ. ඒ අය ගෙන්වලා මේ සහාව කරන්නකෝ එහෙනං.


සුනිල් ආනන්ද මහතා (එ.ජා.ප.):- සාමාන්‍ය පෙළ පාස් නැති අය පවා කම්කරුවන් හැටියට ගත්තා. ඒ අය ස්ථිර කරන කොට අපි විරුද්ධව වුණේ නෑ. මේකේ දීමනා වරප්‍රසාද ගන්න කොට අපි විරුද්ධ වුණේ නෑ. පුටුවල නුසුදුසු අය වාඩිවෙලා ඉන්නවා. ඔබතුමා ඔහොම ඉදලා මදි. අපි හරි වේදනාවෙන් කතා කරන්නේ. ඊයේ රෑට කෑවේ නෑ කන්න බෑ වැසිකිළි කාණුවලට හරවලා පළාතේ ඉන්න බෑ ගඳ ගහනවා. ඒවා බලන්නේ නෑ ටවුමේ පාරවල් කැලේ වැවීලා. ශුද්ධ කරන්නේ නෑ. අපචාර වෙනවා. කුපාඩිකම් සේරම වෙනවා. කුඩු ගහනවා. නිලධාරි ඒවා ගැන හොයන්න ඕනේ. හරිනං ඔය සේවකයාගේ සතියක් වැඩ තහනම් කරන්න ඕනේ සභාපතිතුමා කෙළින් වැඩ කරන්න.

සභාපති ආර්.ඩී. හරමානිස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිටත් එම සේවකයා සම්බන්ධයෙන් විනය කටයුතු ආරම්භ කර ඇති බවයි.

(වැල්ලවාය අයි.ආර්.ඉන්දික)