වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහාය සේවා සදහා යොදවා සිටි රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ සියළු රෝගීන් සහ කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම අද පෙරවරුවේ ආරම්භ විය.



එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එම පරීක්‍ෂණ සිදුකරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 175 කට ආසන්න වනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුගේ පමණ ද පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රැදවියා නේවාසික රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ හිස කෙස් සහ රැවුල කැපීමද ඉකුත් දිනවල සිදුකර ඇති බව වාර්තා විය.

මීට පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වී පසුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැදවියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.