පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් අධ්‍යාපන කටයුතු පිළිබඳ ලේකම් (ඇමැති) බෙට්සි ඩෙවොස් රුපවාහිනී සම්මුඛ සාකච්ඡා දෙකකට සහභාගී වෙමින් කියා සිටියේ වයිරස වසංගතය හමුවේ වුවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් විවෘත කරන බවය.

 ‘දරුවන් ආපසු පාසල් යන්න  ඕනෑ. පාසල් පටන් ගන්න ඕනෑ. මාපියන් ඉන්නේ බයෙන් ඒ බව ජනපතිතුමා දන්නවා. සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂිතව පාසල් පටන් ගන්න අප පියවර ගන්නවා" යැයි සෞඛ්‍ය ලේකම්වරිය පැහැදිලි කළාය.

කොවිඩ් 19 වයිරස වසංගතය හේතුවෙන් පාසල් විවෘත කිරීමට දැන්ම කටයුතු නොකරන බව ඇමෙරිකන් ජනපද ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ජනාධිපති ට පෙන්වා දී ඇත.
ජනපති ට්‍රම්ප්  ඔවුන්ට තර්ජනයඇත්තේ , තම අණට පිටුවා පාසල් විවෘත කිරීම ප්‍රතික්ෂේප්පු කරන්නේ නම්, ජනපද මට්ටමින් ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කරන බවය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹුණු කොවිච් . හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවය. ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
 මේ වනවිට ඇමෙරිකාවේ  ලොරිඩා ප්‍රාන්තයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇත. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වුණු ආසෞදිතයන් ගණන 15,000 ඉක්මවීය. “කොවිච් 19 හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම ආරම්භ වූ අවස්ථාවේ පටන් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු
අවස්ථාව මෙයයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 3.1 ක පසු කර ඇති අතර, ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1.35,000 පසු කර තිබේ.