උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ (ජූලි 13) තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු උණවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව එම පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට උප දුම්රිය ස්ථානය විෂබීජ හරණයට ලක් කරන බව ද වාර්තා වේ.