එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම,
පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙයි.
කානු පද්ධතියක් පිළිබඳ පරීක්ෂාවකට ගොස් සිටි අවස්ථාවක එම කොන්ත්‍රාත් කටයුත්ත බාර පෞද්ගලික සමාගමක සේවකයින් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් ඇති වී  ප්‍රහාරයක් එල්ල වූ බවට ඔහු පොලීසිය වෙත දන්වා තිබේ.ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ කකුලට හානි සිදුවී ඇති අතර කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙයි.