පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු බව කියන ‘‘කොට තරංග’’ නොහොත් තරංග කුමාර නමැති සැකකරුවෙකු කොළඹ කෙසෙල්වත්ත, බේරේ පාර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය වාර්තා
කරයි.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 05 යි මිලිග‍්‍රෑම් 230 ක්ද සොයා ගෙන ඇත.
32 හැවිරිදි වියේ පසුවන තරංග කුමාර සිරුරේ හැඩයෙන් කොට අයෙකු වීම නිසා පාතාල සගයින් අතර කොට තරංග නමින් ප්‍රකට බව පැවසේ.
කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අපරාධ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.