ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති බව කොරියානු මාධ්‍ය සදහන් කර තිබුනි.
ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරයි.
ඔහු අවසන්වරට ජංගම දුරකතනය භාවිතා කළ ස්ථානය ආසන්නයෙන් නගරාධිපතිවරයාගේ මෘත දේහය හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව උතුරු සෝල් හි වනාන්තර කඳුකර ප්‍රදේශයක තිබී මෘත දේහය හමුව තිබේ.
කෙසේ වුවද ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.