[Trending][btop]
[News][stack]

බන්ධනාගාර තුළ ඇති අධික තදබදය නිසා කොරෝනා අවදානමක්

රට පුරා පිහිටි බන්ධනාගාර තුළ විසිපන්දහසකට අධික රැදවියන් පිරිසක් රදවා සිටියදී, ඔවුන් වෙත කොරෝනා රෝගය සම්ප්‍රේෂණය කිරීම පාලනය කිරීමට නොහැකි වූයේ 'සිරකරුවෝද මනුෂ්‍යයෝය” යත සිය උද්ධෘත පාඨය  බන්ධනාගාර දෙපාර්තමේන්තු පාලකයන් වෙතින් ගිලිහී යාම නිසාවෙන්
යැයි සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා  මහතා ප්‍රකාශ කළේය.
එම කමිටුව විසින් පෙරේදා  (11දා) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා,
"දැන් කෙසේ හෝ කෝවිඩි-19 වසංගතයේ දෙවැනි රැල්ල බන්ධනාගාරයේ සිරකරුවන් වෙත සම්ප්‍රේණය වීමෙන් ආරම්භ වන ලකුණු පහළ වී තිබෙනවා.

බන්ධනාගාරයේ සේවයේ නියැළි නියාමකවරුන්, නියාමකවරියන් මෙන්ම එහි සේවය කරන්නන්, පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරමීන් ගමන් බිමන්හි යෙදෙන පිරිසක්. ඔවුන් වෙතින් මෙම රෝගයේ දෙවැනි රැල්ල මෙතැනින් ආරමිභ වීමේ භයානක අනතුරක් අප හමුවේ පවතිනවා.

බන්ධනාගාර තුළට කොරෝනා පැතිර  යෑම පාලනය කිරීමට මෙහි පාලකයන්ට  හැකියාව තිබෙනවා. එහෙත් එය  පාලනය කිරීමට දුෂ්කරතාවක් ඇති වන්නේ, රටේ සියලු බන්ධනාගාර තුළ පවතින අධික තදබදයද හේතුවන්නට පුළුවන්. සිරගෙවල් තුළ සැබවින්ම ප්‍රජතන්ත්‍රවාදී පිළිවෙතක් ක්‍රියාත්මක වූවාදැයි  අපට සාධාරණ සැකයක් පවතිනවා. බන්ධනාගාර රැඳවියන්ටරය මගින් දිය යුතුව තිබූ සහන ලබාදුන්නේ නම්, මෙය යම් තරමකට පාලනය කර ගැනීමට හැකියාව තිබූ බව අප විශ්වාස කරනවා.

 මෙහි වියපත් සිරකරුවන්ට වසරකට සති කිහිපයක් තම නිවෙස් වෙත ගොස් කෙටි නිවාඩුවක් ලබාගැනීමට ලැබුණේ නම්, සහ සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගත වූවන්ට යම් සහනයක් ලබාදීමට රජය මැදිහත් වූයේනම් සිරගෙවල් තුළ පවතින මෙම දැඩි තදබදය යම් තරමකට පාලනය කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න ප්‍රායෝගිකව භාවිත කළේ නම්, මෙම තත්වය සමනය කර ගැනීමට හැකිව තිබුණි
මත්ද්‍රව්‍ය  මර්දනයෙහි නියැලී සිටි නාකොටික් පොලිස් නිලධාරින්ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැළී මුදල් උපයන්නේ නම්  සාමාන්‍ය පුරවැසියන් සුළු වරදක් කළ පමණින් බන්ධනාගාර තුළ මෙලෙස දුක්විදිය යුතුද කියා අපට සිතෙනවා" යයිද පවසා සිටියේය. එසේම එම සංගමයේ ලේකම් සුරේෂ් චමින්ද සිල්වා මහතාද එහිදී සිය අදහස් පළ කළේය.
• අමිල සංකල්ප