සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සල්මන් ඛාන්ගේ කළමනාකාරිනී රේෂ්මා ෂෙට්ටිගෙන් සිකුරාදා දිනයේදී පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි පොලිසිය සිකුරාදා දින රේෂ්මාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර තිබේ.

ඇගේ ප්‍රකාශයේ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.
රේෂ්මා බොලිවුඩයේ ඉහළම දක්ෂතා දක්වන කළමනාකාරවරියක වන අතර ඇය විසින් මෙහෙයවන  ඒ-ලැයිස්තු නළුවන් විසින් අනුමත කරන ලද ප්‍රධාන ගනුදෙනු සඳහා ඇය වගකිව යුතුය. මීට පෙර ඇය සල්මාන් ඛාන්ගේද කළමණාකාරිවරිය ලෙස කටයුතු කර තිබේ. කෙසේ වෙතත් පසුකාලීනව ඔවුන් දෙදෙනා වෙන් වී ඇත.
රාජ්පුත්ගේ සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 35 කට වැඩි පිරිසකගේ ප්‍රකාශ මේ වන විට මුම්බායි පොලිසිය ලබාගෙන තිබේ.

එමෙන්ම මේ දින වල රාජ්පුත්ගේ සියදිවි නසාගැනීම පිළිබඳව විමර්ශනය කරන බන්ඩ්‍රා පොලිසිය ඔහුගේ මානසික අවපීඩනයට හේතුව තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටියි.

ඒ සඳහා මේ වන විටත් රාජ්පුත්ගේ පවුලේ සාමාජිකයන්, අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි, මිතුරිය රියා චක්‍රබූර්ති, අධ්‍යක්ෂක මුකේෂ් චබ්රා, සම රංගන ශිල්පී සංජනා සංගි සහ ෂානූ ෂර්මා යන අයගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.

චිත්‍රපට හතරකට සුෂාන්ත් සිං රාජ්පුත්ව රඟපෑමට දායක කර ගැනීමට බන්සාලි තීරණය කර ඒ  පිළිබඳව සලකා බලමින් සිටියද, කාල සටහන් වල තිබූ ගැටලු හේතුවෙන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පද්මාවට් අධ්‍යක්ෂකවරයා මේ සඳුදා මුම්බායි පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වේ යැයි CNN-News18 ප්‍රකාශයට පත් කර ඇත.

සුෂාන්ත්ට මෙම චිත්‍රපටයට ආරාධනා ලැබී ඇත්තේ යෂ් රාජ් ෆිල්ම්ස්හි  සහ ශෙඛර් කපූර්ගේ පානි ව්‍යාපෘතියෙහි වැඩ කරමින් සිටියදීය. කෙසේවෙතත් යෂ් රාජ් ෆිල්ම්ස් නිෂ්පාදකවරුන් ඉවත්වීමත් සමඟ 2015 දී පානි අත්හිටුවන ලදී.

සුෂාන්ත්  Shuddh Desi Romance, Raabta, Kedarnath and Sonchiriya ආදී චිත්‍රපටවල රඟපාන ලද අතර ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන භූමිකාව දැකගත හැකි වූයේ 2007දී චරිතාපදානයක්  වන MS Dhoni: The Untold Story චිත්‍රපටයේ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය නිරූපණය කිරීමත් සමඟය.

ඔහුගේ හය වසරක කෙටි බොලිවුඩ් දිවිය තුළ රාජ්පුත් 2013 දී රඟපෑ Kai Po Cheහි සිට අවසන් වරට නිකුත් වූ Chhichhore දක්වාම සිය රංඟන කුසලතාවය මැනවින් පිළිඹිබු කරන ලදි.  කෙසේවෙතත් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තරම් සමත් වූ මෙම රංඟන ශිල්පියාගේ මරණය පිළිබඳව තවමත් ඉන්දීය පොලීසිය විමර්ශන සිදුකරමින් පවතී.

රිෂ්මි ඉෂාරා