[Trending][btop]
[News][stack]

සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සාමාජිකයන්ට පමණයි – රනිල්ගෙන් කොන්දේසියක්

සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සාමාජිකයින්ට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. අනුන්ට අයත් ස්ථානවලට පැමිණ තමන්ගේ යැයි කියාගන්නා පුද්ගලයින් ගැන
විශ්වාසය තැබිය නොහැකි බැවින්
මෙම තීරණය ගත් බව අවිස්සාවේල්ලේ පැවති ජන හමුවකදී ඒ මහතා සඳහන් කර ඇත.
මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ට සහාය පළකරමින් මෙම ජන හමුව පැවැත්වුණේ අවිස්සාවේල්ල කන්නන්තොට ප්‍රදේශයේ දී පැවති අතර වර්තමාන එජාප අර්බුදය ගැන සඳහන් කරමින් ඔහු මෙම කොන්දේසිය දැන්වූයේය.