පේරාදෙණිය සරසවිය අවට කැලෑවේ මරඋගුල් සොයා මෙහෙයුමක්

ඒවා සොයා විනාශ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (09) සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව පේරාදෙණිය මූලස්ථාන පොලිසිය කියයි.
පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ විශේෂ පුහුණුවක් ලබා ඇති සීබා සහ ලැසි යන පොලිස් නිල සුනඛයන් දෙදෙනා ද මෙම මෙහෙයුමට සම්බන්ධකරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිසිය නිල සුනඛයන් දෙදෙනා මෙහෙයවා ඇත්තේ පොලිස් සැරයන් ඉන්දික (46515) සහ සැරයත් මනෝරංජන (22091) යන මහත්වරුන් විසිනි.
පේරාදෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)