මුන්දලම දිසා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිලුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.



උණ රෝගයෙන් පෙලුණු තරුණයකු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රෝහල වසා දමා තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර මරණකරුගේ PCR පරික්ෂණයක් සිදුකර යවා තිබෙනවා.

එහි ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.