කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පිටබැද්දර, කදුරුවාන, බුළුවන ප්‍රදේශයේ පදිංචි සැක සහිත හමුදා සෙබලාගේ PCR වාර්තාව නිකුත් වී ඇත. ඒ අනුව ඔහුට රෝගය වැළඳී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.




සේවා ස්ථායෙන් නිවාඩු ලබා පැමිණ ඔහු සතියක පමණ කාලයක් නිවසේ ගත කර ඇති අතර 10 වනදා PCR පරීක්ෂණයට රැගෙන ගොස් ඇත.

ඔහු නිවසේ සිටි කාලයේ පිටබැද්දර නගරය හා අකුරැස්ස ඇතුළු ප්‍රදේශවලට ගොස් ඇති අතර දේශපාලන රැස්වීමකට ද සහභාගී වී ඇති බව පැවසේ.

ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර පවුලේ සාමාජිකයන් හා සමීපව ඇසුරු කළ පවුල් 5ක සාමාජිකයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇත. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටී