lpl-sri-lanka
ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) වරින්වර කල් දැමීමෙන් පසු තවත් මාසයකින් අගෝස්තු 28- සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට සූදානම් වේ. ඒ සඳහා අනුමැතිය අද (27) හිමිවූ අබව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
පසුගිය වසර කිහිපය තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලීගය දියත් කිරීමට උත්සාහ කළ නමුත් ව්‍යාපෘතිය ආරම්භ වූයේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජුනි මාසයේ දී ටෙන්ඩරය නිකුත් කර තිබුණේ ඒජන්සි පත් කිරීම සඳහා ය.‍
අවසන් වතාවට එල්පීඑල් අගෝස්තු 15 සිට පවත්වන බව මීට මසකට පමණ පෙර නිවේදනය කරන ලදී. නමුත්  කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම දින
නියමයක් නොමැතිව ප්‍රමාද වූ හෙයින්, එය කල්ගිය බව දන්වා තිබුණි.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) සාර්ථකවූ පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 දී එස්එල්පීඑල් නමින් තමන්ගේම වෘත්තීය ක්‍රිකට් ලීගයක් දියත් කර තිබුණි.
එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය අවස්ථා කිහිපයකදීම එය අඛණ්ඩව ගෙනයාමට තැත්දැරුවත් අසාර්ථක විය. 2020 තරගාවලිය ගැන සුබදායි වාතාවරණයක් මතුවෙද්දී Covid19 එම සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරන ලදි.
උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළුව කණ්ඩායම් 5 ක් සහභාගී වන මෙය විස්සයි-20 ක්‍රමයට පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් අනුග්‍රාහකයන් වන ඩයලොග් සමඟ ඇති ගනුදෙනුව අලුත් කර ඇති නමුත් නව කොන්ත්‍රාත්තුවේ අගයන් වෙනස් බව වාර්තා පළව තිබේ.ෙ
සෝනි පික්චර්ස් නෙට්වර්ක් (එස්පීඑන්) සමඟ ඇති මාධ්‍ය ගිවිසුම් අනුව මෙය විකාශය වනු ඇතැයි පැවසේ.