ජෝර්දානය තුළ කොවිඩ් වයිරසය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති බව දෙවැනි අබ්දුල්ලා රජු ප‍්‍රකාශ කර ඇත.
මෙම සාර්ථකත්වය පසුපස සිටියේ එරට සෞඛ්‍ය ඇමති සාද් ජබාර් බව රජු ප්‍රකාශ කර තිබේ.

 වයිරස් ව්‍යාප්තිය අවම වීමත් සමඟ රට තුළ පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමටද එරට රජය පියවර ගෙන තිබේ. වසංගතය හේතුවෙන් කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බව රජු සඳහන් කළේය.
ඉහළ සෞඛ්‍ය සේවාවක් පවතින බවට සැලකෙන ජෝර්දානයට වාර්ෂිකව ලක්ෂ 5කට අධික පිරිසක් විදෙස් රටවලසිට ප‍්‍රතිකාර සඳහා පැමිණෙති. එමඟින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට අධික ආදායමක්ජෝර්දානයට හිමි වේ. විදේශීය සංචාරකයන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ජෝර්දානයේ පෞද්ගලික රෝහල් යළි විවෘත කිරීමට තීරණය කෙරුණේ පසුගිය මාසයේදීය.