ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වැහි වගන්තිය
ප්‍රකාරව, ඊයේ (13දා) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑස්සී යන ආයතන විෂයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වැනි දින තීරණය කර තිබේ.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතු කොටගෙන ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය
සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය මේ වනවිට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්ත්වයට පත්කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදී.

ඉන් අනතුරුව ගනු ලැබූ ක්‍රියාමාර්ග මගින් මෙම ආයතනවල පැවති මුළු තැන්පතුවලින් 30%ක ප්‍රමාණයක් තැන්පතුකරුවන් වෙත ගෙවීමට එම ආයතනවලට අවස්ථාව සැලසුණි. මුදල් මණ්ඩලයේ විධාන මගින්
ආයතන දෙකෙහිම අධ්‍යක්ෂවරුන් වෙත එකී ආයතන යථා තත්ත්වයට පත්කිරීම සඳහා සුදුසු ආයෝජකයන් ඉදිරීපත් කිරීමට නියම කර තිබුණද, ක්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත්ව ඇති අතර, ආයතනයන්හි මූල්‍ය තත්ත්වයද ක්‍රමයෙන් පසුබෑමට ලක්වීම අඛණ්ඩව සිදුව තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන දෙකෙහිම තැන්පතු කල්පිරුණද, ඒවා තැන්පතුකරුවන්ට ගෙවීමට නොහැකි තත්ත්වයකට වර්තමානය වනවිට ආයතන දෙකම පත්වී ඇත. ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප‍්‍රකාරව, රක්ෂිත තැන්පතුකරුවන්ට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර,එමගින්,
   1. ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 75%කට (සමස්ත තැන්පතුකරුවන් 38,111ක් අතරින් 28,554කට) තම සමස්ත තැන්පතු මුදල ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 25%ක තැන්පතුකරුවන්ට (තැන්පතුකරුවන් 9,557කට) මූලිකව තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් | ලෙස රු.600,000ක මුදලක් ලැබෙනු
ඇත.

 2. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැපතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 89%කට (සමස්ත තැන්පතුකරුවන් 8,726ක් අතරින් 7,802කට) තම සමස්ත තැන්පතු මුදල ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 11%ක තැන්පතුකරුවන් හට (තැත්පතුකරුවන් 924කට) තම  තැන්පතු මුදලින් කොටසක් ලෙස රු.600,000ක මුදලක් මූලිකව ලැබෙනු ඇත.

තවද, 2020 ජූලි මස 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 9(1) වගන්තිය ප්‍රකාරව "ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන” ලෙස ETI ෆිනෑස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල්  ෆයිනෑන්ෂියල්  සර්විසස් පී.එල්.සී. ආයතන ලබා තිබු ලියාපදිංචි සහතික අත්හිටුවීමේ නිවේදනය නිකුත් කිර්මට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් තීරණ කර ඇත. ඒ අනුව මෙම ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කෙරෙනු ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ක්‍රමවේද ඔස්සේ විමසීම් කළ හැකිය.

 1. ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සම්බන්ධව, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව 011-2477229 හෝ O11-2477504 ඇමතීමෙන්ද, 2. තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධව, ම බැංකුවේ නිරාකරණ හා බල ගැන්වීමේ දෙපාර්තමේන්තුව 011-2398788 හෝ 011-2477261 ඇමතීමෙන්ද, 3. තැන්පතු සහ ණය පිළිබඳ සියලු විමසීම් ETIෆිනෑන්ස් ලිමිටඩ් 0117534200 ඇමතීමෙන්ද, ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්ස් 011-7534800 ඇමතීමෙන්ද ලබාගත  හැකිය.

(ෂමිල පෙරේරා)