ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් සිය නිවෙසින් පිටතට පැමිණෙද්දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි.
එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. ඊයේ දිනය වනවිට මෙම රෝගීන් සංඛ්‍යාව 363ක් බවට පත්ව තිබූ අතර, සෙනසුරාදා වාර්තා වී තිබූ රෝගීන් 217 දෙනා එහිදී වැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඒ අනුව මෙම නියමයට අනුමත නොවන මෙල්බර්න් වැසියන්ට ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 200ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රු.26,000කට අධික දඩ මුදලක් පමුණු වන බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කරයි. පසුගිය ජූලි 09දා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක සති හයක අර්ධ ලොක්ඩවුන් සීමා යටතේ මේ දක්වා ලක්ෂ 50කට අධික පිරිසකට නිවෙස්වලටම වී සිටීමට නියම වී තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ පළමු අදියරේදී රෝගීන් 11,800ක් හඳුනා ගැනුණි. එහෙත් මේ දක්වා එරට තුළ වාර්ත වී ඇත්තේ නව කොරෝනා මරණ 12ක් පමණකි. ඉන් මරණ 38ක් විටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, ඊට පසුගිය සෙනසුරාදා වාර්ත වූ මරණ තුනක්ද ඇතුළත්ය.