මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ (08) දිනය තුළ ආසාධිතයන් 13 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
ඉන් 09 දෙනෙකු සවුදි අරාබියේ රියාද් නුවර සිට පැමිණ ඇති අතර තවත් දෙදෙනෙකු
බංග්ලාදේශයේ සිටද තවත් අයෙකු ඉරානයේ සිට පැමිණි වෙළඳ නාවිකයෙකුද වනවා.

අනෙක් තැනැත්තා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1967 ක් වන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 116 ක්.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට ආසාධිතයන් අතුරින් 905 දෙනෙකු නාවික හමුදාවේ වන අතර 800 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 56 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.