2020 ජූලි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2020 ජූලි මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතරදිවයිනේ සෙසු ප්‍රදේශවල
විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මි.මී 75 වැඩි තරමක තද වැසි අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


-------------------------
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය


වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

සුළඟ:

පුත්තලම සිට කොළඹ   හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට දකුණ දක්වා වන දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 50 දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම   සිට කොළඹ සහ ගාල්ල හරහා   හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

කළුතර සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වනවෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0 - 2.5 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ ආසන්න වෙරළ බඩ ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.