බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන්නැයි මුලින්ම ආරාධනා කළේ තමන්ට බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබේ.




තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව ලැබුණු බවද ඒ අනුව විශාල වැඩි ඡන්ද දිනා ජයගත් බවද ඔහු සඳහන් කළේය.
තම පක්ෂය වෙනුවෙන් සිතා තමන් එම අවස්ථාව කැප කළ බව සිහිපත් කරන සිරිපාල මහතා
එම යෝජනාවට තමන් කැමැත්ත පළ කළේ නම් ජනාධිපතිවරයෙක් බදුල්ලට ලැබෙන බවද  කියා සිටියේය.