නියමිත උෂ්ණත්ව නියාමනය නොකරමින් කුඩා ලොරි රථයකින් සොසේජස් ඇසුරුම් නමසිය අසූවක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ වරද පිළිගත් අයකුට මතුගම ප්‍රධාන
මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන මහතා පසුගියදා රුපියල් දසදහසක (10,000) දඩ මුදලක් නියම කරමින්, අධි ශීතකරණයේ උෂ්ණත්ව පරිමාව යථා පරිදි සකසා සෞඛ්‍ය බලධාරින් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් අනුමැතිය ලබා දුන් සහතිකය සමග අගෝස්තු 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒ.ඩී. දසුන් රුචිරංග (කඹුරාගල්ල, රුග්ගල්විල) නමැති විත්තිකරුට වැඩිදුරටත් නියෝග කළේය.

 මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. අයි. මුණසිංහ මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

(මතුගම අධිකරණ වික්‍රම පී.කුමාරසිංහ)