මේ වනවිට නැවත ව්‍යප්ත වෙමින් පවතින කොරෝන වෛරසය පිළිබදව රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ලැබුණු තොරතුරු වලට අනුව දැනට ආසාදිතයන් 05 දෙනෙකු හමු වී ඇති බව රත්නපුර දිස්ති‍්‍රක් කොරෝනා මර්දන කමිටුව අද (15) දින රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේය.




එම ආසාදිතයින් සියලු දෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් බවද එහිදී වාර්තා විණි.

ඒ අනුව එම ආසාදිතයන්ගේ පළමු සමීපතමයින් 320 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කොට ඇති බවත් ඔවුන් රත්නපුර, ගනේගොඩ, ඇහැලියගොඩ, තොරණගොඩ, කුරුවිට, නඩුකාරදෙණිය, පැල්මඩුල්ල, නාරන්ගොඩ සහ කලවාන ප‍්‍රදේශවලට අයත් පුද්ගලයන් බවත් කොරෝනා මර්දන කමිටුව ප්‍රකාශ කර සිටියේය.

තවද මෙම රැස්වීම අතර තුර මෙම වෛරසයේ වැඩිවීමත් සමග මේ වනවිට කාර්මික දෝෂයකට ලක්ව ඇති රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදුකරන PCR පරීක්ෂණ යන්ත‍්‍රය හැකි ඉක්මනින් අලුත්වැඩියා කර දෙන ලෙසට එම රැස්වීමට සහභාගී වී සිටි අදාළ පාර්ශවයන් දැනුවත් කරනු ලැබිණි.