බ්‍රිතාන්‍යයේ පාසල් තුළ COVID-  19  වෛරසයෙන් වැළැකීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතු නිරීක්ෂණය සදහා නව අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රජයේ මුලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම අධ්‍යයනය ස්වේච්ඡා මට්ටමෙන් සිදුකිරීම සැලසුම වී ඇත. එංගලන්තයේ මහජන සෞඛ්‍ය
දෙපාර්තමේන්තුව ඊට දායකත්වය සපයයි.
  මෙහිදී පෙර පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් අධ්‍යයනය සිදු කෙරෙයි. ඉදිරි ග්‍රීෂ්ම ඍතු පාසල් වාරය අවසන් වනවිට එංගලන්තය පුරා පාසල් 100ක පමණ සංඛ්‍යාවක් තුළ මෙම අධ්‍යයනය සිදුකිරීම සැලසුම වී තිබේ. මේ අධ්‍යයනය හරහා ලැබෙන දත්ත මගින් පාසල් තුළ මෙම  COVID-19 ව්‍යාප්ත වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම බලාපොරොත්තුව වී  ඇත.
 මෙහිදී අධ්‍යයනයට ලක්කෙරෙන එංගලන්තය පුරා
පිහිටි පාසල් 100න් 15ක්ම ලන්ඩන් නුවර පිහිටි පාසල්ය.  මෙම සෑම පාසලකින්ම ගුරුවරුන් සහ දරුවන් 200  දෙනෙකු බැගින් අධ්‍යයනය කිරීම ඉලස්සය වී තිබේ. එහි දත්ත ප්‍රතිඵල ග්‍රීෂ්ම ඍතුව අවසානයේදී ලැබෙනු ඇතැයි විශ්වාසය වී ඇත.
 දැනටමත් ජාතික සුපරීක්ෂණ වැඩසටහන හරහා එකතු කරගෙන ඇති ප්‍රතිදේහ සහ වෛරසයෙන් වැළැකීම පිළිබඳ දත්ත සමග මෙම දත්ත එකතු කිර්ම එංගලන්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස  වී ඇත. රට පුරාම ආවරණය වන පරිදි සිදුකළ එම වැඩසටහන මගින් රැස්කරගත් දත්ත පසුගිය සතියේදී එළිදැක්වුණි.