2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වූ 2010 ජනවාරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ  50ක් සහ ජීව පතුරම් 210ක් ළග තබා ගන්නා ලද බවට චෝදනා මත දීර්ස නඩු විභාගයක් පවත්වන ලද අතර

ටී-56 ගිනි අවි 02ක් ළඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන ලද බව තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 ඌවතැන්නේ සුමන හිමියන් සමග එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සියලු චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරිමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හීමියන් සමග කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනෙක්ද චෝදනා ලැබ සිටියෝය.
එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.