ඇමරිකා  එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවරදී පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවුණු  පොලිස් වෙඩි තැබීමකින් රොෂීඩ්  බෘක්  නැමැති 27 හැවිරිදි කළු ජාතික තරුණයා මරණයට පත්වීම සම්බන්ධයෙන් එම නගරය තුළ දැවැන්න උද්ඝෝෂණ ආරම්භ  වී ඇතැයි  වාර්තා වෙයි. එහිදී මෙම ඝාතනය සිදු වු සුප්‍රසිද්ධ කෙටි ආහාර සහිත ආපනශාලාව
පසුගිය සෙනසුරාදා දිනයේදී ගිනිබත් කිරීමටත් මෙම උද්ඝෝෂකයන් කටයුතු යොදා තිබුණි.
පසුගිය මාසයේ අවසන් සතියේදී මිනසොටා ප්‍රාන්තයේදී කළු ජාතිකයෙකු පොලිස් අඩංගුවේ සිටියදී ගෙල
සිරවී හුස්ම ගැනීමට නොහැකිව මරණයට පත්වීමේ සිදුවීම නිසා රට පුරා උද්ඝෝෂණ ව්‍යාප්තව තිබූ පසුබිමක ඇට්ලන්ටා නුවරදීත් එවැනිම සිදුවීමක් වාර්තා වීම අර්බුදය තවත් දරුණු කිරීමට හේතුවී තිබේ.
සිකුරාදා රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත. එම අවස්ථාවේදී රොෂාඩ්  බෘක් සිය මෝටර් රථයේ සිට ඇති අතර, ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන්  ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් පෙරළා, එක් නිලධාරීයෙකුගේ අතෙහි තිබුණු විදුලිය වද්දවා සැකකරුවන් අඩපණ කරන
උපාංගයද ගලවාගෙන දිවගොස් ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වු අනෙක් පොලිස් නිලධාරියා රෙෂාඩි වෙත වෙඩි තබන ආකාරය පොලිස් කැමරාවල සටහන්ව ඇත.
මෙහිදී ඇට්ලන්ටා නුවර විරෝධතාකරුවන් අදාළ ආපනශලාව ගිනි තැබීමත් සමග යළිත් වටයකට  එරට තුළ වාර්ගිකත්වයට එරෙහි උද්ඝෝෂණ අලුත් වෙමින් ව්‍යාප්ත  වීමේ අවස්ථාවක්ද උදා වී ඇත. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන බළඇණිය කටයුතු යෙදුවත් උද්ඝෝෂකයන් ඊට බාධා කළ නිසා අදාළ ගොඩනැගිල්ල බේරා ගැනීමේ අවස්ථාව අහිමි ව ගිය බවද ඇට්ලන්ටා  පොලීසිය පවසයි.

මේ අතර රෙෂාඩ්ගේ  ඝාතනයත් සමගම ඇලන්ටාහි පොලිස් ප්‍රධානී එරීකා ෂිල්ඩිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. ඇට්ලන්ටා නගරාධිපතිනී කොයිෂා ලාන්ස් බොටමිස් ද එම ඉල්ලා අස්වීම නිල විශයෙන් පිළිගෙන ඇත, මෙම ඝාතනය  පොලිස් නිලධාරීන් අතින් සිදුවීමත්, ජනතාව
අතර බිඳ වැටී ඇති විශ්වාසය යළිත් වරක්  ඇති කිරීමත් අවශ්‍ය බව ඇය එහිදී පවසා තිබේ.
මෙම වෙඩිතැබීමේ සිදුවීමට අදාළ  වීඩියෝ දර්ශනද මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර, එහිදී පැහැදිලිවම පොලිස් නිලධාරීන් දිවයන රෙෂාඩි වෙත වෙඩි තබන ආකාරය සටහන්ව තිබේ. ජනතාව පොලීසියට එරෙහිව අදාළ ආපනශාලාව  ඉදිරිපිටදී උද්ඝෝෂණ ආරමිභ කර ඇත් ඉන්පසුවයි. ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා පවසයි. ඒ අතරින් පසුගියදා එරට වෝටර්ලූ හි ට්‍රෆාල්ගාර් චතුරස්‍රයේදී ඇති වූ අතදක්ෂිණාංශික යොබ්ස් ක්‍රියාකාරිකයන් සහ බ්ලැක් ලයිවිස් මැටර් ආධාරකරුවන් සහ කැරලි මර්දන පොලීසිය අතර ගැටුම 'වර්ගවාදී මැරවර' අවස්ථාවක් ලෙස හෙළා දකින බව එරට අගමැති බොරිස්  ජොන්සන්ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  මෙහිදී කළු ජාතික උද්ඝෝෂකයන්'Eng- er-land'
ලෙස පවසමින් විරෝධතාවේ  නිරතව ඇති අතර, ඔවුන් එහිදී නාසි ආචාරයද දක්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරම කළු ජාතිකයන්ගේ උද්ඝෝෂණයට එරෙහි වු අන්ත දක්ෂිණාංශිකයන් පිරිසක් ඔවුන්ට එරෙහිව පහරදී තිබේ.
මෙහිදී බීලැක් ලයිවිස් මැටර් ක්‍රියාකාරිකයන්ගේ පහරදීමට ලක් වු අන්තවාදී විරෝධතාකරුවන් ලේ ගලන තුවාල සහිතව සිටින ආකාරයද දැකගත හැකිවිය. මේ තත්ත්වයත් සමගම පොලීසිය එම ප්‍රදේශය වෙත පස්වරු 5 සිට ඇදිදී නීතිය පැනවීමටද පියවර ගෙන තිබේ.
 මේ අතර යුරෝපය තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වන බිලැක් ලයිවිස් මැටර් උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ අරමුණින් ප්‍රංශය එම උද්ඝෝෂණ සංවිධානය කිරීම තහනම් කිර්මට පියවර ගෙන ඇත. එසේම පසුගියදා පැවැත්වූ එවැනි උද්ඝෝෂණයකට ප්‍රංශ පොලීසිය එළව එළවා පහර දුන් බවත් පැවසෙයි.