දේශපාලන වාසි ගන්න ලීසිං සහන ගැන කියලා ජීවිතයක් අහිමිවුණා- සජිත්
ලීසිං සහනය ගැන රජය සුරංගනා ලෝකයක් මවාපෑම නිසා නිකරුනේ ජීවිතයක් අහිමිව ගිය බව හිටපු විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස දන්වා සිටියේය.
වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලීසිං සහනයක් දෙන බවට රජය මාධ්‍ය නිවේදන නිකුත් කළත් ප්‍රායෝගික ලෝකයේ එය ක්‍රියාත්මක නොවූ බවයි. ඒ නිසා ත්‍රීරෝද රියදුරන් අපහසුතාවට ලක්වූ බවයි. සුනිල් ජයවර්ධන සභාපතිවරයා නිකරුනේ මියගියේ මේ වෙනුවෙන් සටන් කරන්නට ගොස් බව ඔහු කියයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com