බ්ලැක් ලයිව්ස් මැටර් හේතුවෙන් මේ වන විට කළු ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබීම නිසා එම ගැටළුව තවත් උග්‍ර වී ඇති බව දක්නට ලැබේ. පොලිස් නිලධාරියෙකු විසින් වාහන නැවැත්වීමේ ස්ථානයකදී කළු ජාතිකයෙකු වන රේෂාඩ් බෘෘක්ස්ව පසුගිය ජූනි 12 වන දින වෙඩි තබා ඝාතනය කර තිබූ බව
ලොවම දන්නා රහසකි. එම අවමංගල්‍ය උත්සවයේදී මාටිං ලූතර් කිංගේ දියණිය විසින් රේෂාඩ් බෘෘක්ස්ගේ දරුවන් සමඟ පණිවිඩයක් බෙදාහදාගෙන තිබේ.

27 හැවිරිදි මොහුගේ අවමංගල්‍ය උත්සවය ඇට්ලන්ටාහි පැවැත් වූ අතර ඒ සඳහා බොහො දෙනෙක් සිය සංවේගයන් පල කර තිබුණි. මෙම අවමංගල්‍යෙය්දී මොහුගේ මිතුරන් සහ පවුලේ ඇතැමුන් බ්ලැක් ලයිව්ස් මැටර් මුහුණු ආවරණ පැළඳ සිට ඇත.

බෘෘක්ස්ගේ මිතුරා සහ හිටපු සගයා වන අම්බ්‍රියා මිකෝලාජ්සික් "once in a lifetime individual"ලෙස තම මිතුරාව හඳුන්වා දී තිබේ. එමෙන්ම ඇගේ බිරිඳ විසින් ඔහුට කවදාවත් නරක දවසක් තිබුණේ නැහැ යනුවෙන්ද ඔහුගේ ආලෝකය කිසි විටෙකත් අඳුරු නොවනු ඇත යනුවෙන්ද පවසා තිබුණේ තම ස්වාමියා පිළිබඳව ඉතා සංවේදීව සිහිපත් කරමිනි.

කෙසේවෙතත් මොහුගේ අවමංගල්‍ය කටයුතු ඇට්ලන්ටාහි  ඓතිහාසික එබෙනෙසර් බැප්ටිස්ට් දේවස්ථානයේදී සිදුකරන ලදි.

රේෂාඩ් බෘෘක්ස්ගේ අවමංගල්‍යය සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට ටයිලර් පෙරී නම් පුද්ගලයෙකු ඉදිරිපත් වී ඇති අතර මේ වන විට ඔහුට ඒ වෙනුවෙන් බොහෝ ප්‍රශංසා ද ලැබී තිබේ.

මෙම අවමංගල්‍ය කටයුතු සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සිදු කිරීමට සියලු දෙනා සහයෝගය දක්වා තිබේ. එමෙන්ම මෙම අවමංගල්‍ය සඳහා ඇට්ලන්ටා නගරාධිපති කීෂා ලාන්ස් බොටම්ස් මෙන්ම ජෝර්ජියාවේ හිටපු ගුබර්නෙටෝරියල් අපේක්ෂකයෙකු සහ ජෝර්ජියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු සාමාජික ස්ටෙසි ඒබ්‍රම්ස් ද සහභාගී වී ඇත. මීට අමතරව ජෝර්ජියා කොන්ග්‍රස් සභික ජෝන් ලෙවිස්ද බෘෘක් පවුලට ලිපියක් යවා තිබේ.

මාටින් ලූතර් කිංගේ දියණිය වන ආචාර්ය බර්නිස් ඒ. කිං බෘක්ස්ගේ දරුවන් අත්විඳින ඉරණම පිළිබඳව ඇයට හොඳින් තේරුම්ගත හැකි බව පවසා තිබුණි. රයිෂාඩ්ව මුණගැසීමට අවස්ථාවක් නොතිබුණද ඇය ඔහුගේ අවමංල්‍ය සඳහා පැමිණ තිබේ. එහිදී ඇය සිය පියා සිහිපත් කරමින් පියෙකු නොමැතිව හැදී වැඩීමේ වේදනාව ඇගේ අත්දැකීම් තුළින් ඇය හොඳින් දන්නා බවත් එබැවින් එම දරුවන් වෙනුවෙන් තමන් යාඥා කරන බවත් පවසා ඇත. එමෙන්ම වෙඩී තැබූ නිළධාරීන් පිළිබඳව ඉතා කලකිරීමකින් යුතුව කතා කළ ඇය මෙය අපේ ජාතියේ සිදුවූ මහා ඛේදවාචකයක් බවත් එදින පොලිසි නිළධාරීන් හට මෙසේ ලේ තැවරීමක් සිදු නොකිරීමට වගබලා ගැනීමට තිබූ බවත් වැඩිදුරටත් පවසා තිබුණි.

බෘෘක්ස් තම මෝටර් රථයේ නිදාගෙන සිටින බවට වාර්තා වීම හේතුවෙන් පොලිස් නිළධාරීන් එම වාහනය අසළට ගොස් තිබේ. පසුව පොලිස් නිළධාරීන් ඔහුට හුස්ම ගැනීමේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව රුධිර මධ්‍යසාර මට්ටම .108% ක් වන බව හඳුනාගෙන ඇත. නමුත් එහි නීතිමය සීමාව පවතින්නේ .08% ක අගයකය.

මේ හේතුවෙන් නිලධාරීන් ඔහුට මාංචු දැමීමට උත්සාහ කිරීමේදී ඔහු තරමක් කලබල කර තිබේ. කෙසේ වෙතත් නිරීක්ෂණ වීඩියෝවක බෘක්ස් වාහන නැවැත්වීමේ ස්ථානය හරහා දුවයන බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් අවසානයේ මෙම වෙඩිතැබීම ඉතා අවසනාවන්ත අයුරින් සිදු වී තිබේ.

කෙසේවෙතත් මෙම මරණය මේ වන විට ජාතීන් අතර විශාල වශයෙන් මතභේදයන් ඇති කිරීමට තුඩු දී ඇත. එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ ජන නායකයන් අවධානය යොමු කර ඇති අතර විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමටද ඔවුන් කටයුතු කරමින් සිටී.

රිෂ්මි ඉෂාරා