මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන සදුදා කොමිසමේ සාමාජිකයින් රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත් දන්වා තිබේ.

මැතිවරණ කොමිසමට අද ලැබුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ප‍්‍රකාශයට පත් කරන බ‍ෙඅද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

මහ මැතිවරණය වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයේ කරුණු 3 ක් ඇතුළත් වන අතර මීටරයක පරතරය, නිරතුරුව අත්සේදීම සහ මුඛ ආවරණ පැළදීම එහි තිබේ.

කුඩා රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කළයුතු කරුණු සම්බන්ධයෙන්ද දක්වා ඇත.

අද සිට මැතිවරණ යාන්ත‍්‍රණය සකී‍්‍රයව ක්‍රියාත්මතක  වන බව මැතිවරණ කොමිසමේ සභාපති දන්වා සිටියේය.