අතීතයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය විසින් විකෘති කර ප්‍රචාරය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන්  පවසයි.



තමන් දේශපාලනය කරන්නේ ජාති බේදයෙන් ආගම් භේදයෙන් තොරව බවත් කරුණා අම්මාන් කියා සිටියේය.

තමන්ට ජාතිවාදී ප්‍රකාශයක් සිදු කිරීමට හෝ ජාතිවාදීව කටයුතු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව පවසන කරුණා අම්මාන් තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කළ විමසීම්වලට අවශ්‍ය පිළිතුරු ලබා දුන් බවද කියා සිටියේය.

 තමන්ගේ අතීත සිදුවීම් පන්නරයක් කර ගනිමින් දේශපාලන ප්‍රවාහයට මේ වනවිට ප්‍රවිෂ්ට වී තිබෙන බව කියා සිටින කරුණා අම්මාන් තමන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ ජනතාවට සේවය කිරීම බවත් ඒ බව තමන් රහස් පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කළ බවත් කියා සිටියේය. කරුණා අම්මාන් මහතා මේ බව කියා සිටියේ මඩකලපුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රහස් පොලිසියට පැය 7ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඊයේ 25 සිදු කළ විමසීමක දී අදහස් දක්වමිනි.