තමන් සිදුකළ ප්‍රකාශය අරඹයා කිසිම අයුරකින් තමාව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් ප්‍රකාශ කර සිටිනවා.
” ලෝකයා දන්නා දේ ගැනයි මම ප්‍රකාශය කළේ. මම කරපු ප්‍රකාශයට මාව අත්අඩංගුවට ගන්න බැහැ. මාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න මේ අය කවුද ?

එක් අයෙක් තමයි නවීන් දිසානායක. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තමයි එල්ටිටිඊ සංවිධානයට අවි ආයුධ සැපයුවේ. මම ඒකට සාක්ෂි. අනෙක් පුද්ගලයා තමයි අනුර කුමාර දිසානායක. දහස් ගණනක් තරුණ ජිවිත බිළි ගත්ත කණ්ඩායමක නායකයා. මාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න ඔවුන්ට ඇති අයිතිය මොකක්ද?”

අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් හිටපු ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බව කියා සිටියා.

කොරෝනා වෛරසයෙන් ලංකාවේ මියගියාට වඩා වැඩි පිරිසක් තමන් එල්ටිටිඊ සංවිධානයේ සිටින කළ අලිමංකඩ කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් ඝාතනය කළ බව කියා සිටියා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.