වර්තමානයේ කොරෝනා ආසාදනය නිසා වසා තැබූ රටවල්වල අගුළු හැරියත් අවන්හල් වලදී ආහාර අනුභවය ආරක්ෂාකාරී ලෙස සිදු කිරීමේදී ගැටලු මතුවේ. එම අවස්ථාවන්හි මුහුණු ආවරණ ඉවත් කිරීමසිදු කළ යුතුවීම මෙම ගැටලුවයි. එයට විසඳුමක් ලෙස අවශ්‍ය අවස්ථාවල අරින්නටත් වහන්නටත් හැකි මුහුණු ආවරණයක්
ජපන් කිමෝනෝ නිෂ්පාදන සමාගමක් වන
ඔටොසුකි නිර්මාණය කර තිබේ. එරට නයිට් ක්ලබ් ක්‍රියාකරුවෙකු සමඟ අත්වැල් බැඳගෙන මුල්වරට ආගන්තුක සත්කාරක සේවිකාවන් සඳහා නිර්මාණය කර තිබූ මෙම ආවරණය  ‘ෆේස් වෙල්’ එකකි. එය දැන් අවන්හල් වෙත පැමිණෙන අය අතරද ප්‍රකටවී තිබේ.
COVID-19 අර්බුදය ජපානයේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අනාගතය සඳහා විශාල අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති හෙයින්, ඔටොසුකි විසින් රාත්‍රී සමාජශාලා සේවිකාවන්ට නව සේවා කොන්දේසි වලට හැඩගැසීමට උදව් කිරීමට ක්‍රමයක් ලෙස මෙම නිර්මාණය සිදු කරන ලදි.  සිරස් රෙදි කැබලි තුනකින් යුක්ත වන අතර එය පැළඳිය හැකි අයට වෙස්මුහුණ ගලවා නොගෙන කෑමට හා බීමට ඉඩ සලසයි.
ඔටොසුකි විසින්  ආවරණ නිෂ්පාදනය කරනු ලබන්නේ විවිධ වර්ණ සංයෝජන යුතු රෙදි කැබලි තුනක් භාවිතා කරමිනි. පළඳින තැනැත්තාට බීම හෝ කටගැස්ම භුක්ති විඳීමට ඉඩ සලසයි.