මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය හා අදාළ
මාධ්‍ය උපමාන ජාතික මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ගැසට් කර තිබෙයි.

අදාළ ආචාර ධර්ම සහ මාධ්‍ය උපමාන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන දිනය දක්වා බලාත්මක බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.මාධ්‍ය ආයතන අදාළ උපමාන නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිත්‍ය නියෝජිත කමිටුවක් ද පත් කිරීමට නියමිතයි.