වත්තල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙකුගෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පිරිමි දරුවෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකුය.

 බරපතළ තත්ත්වයේ සිටින තව ත් කාන්තාවක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන් එකම පවුලේ ඥාතීන් පිරිසක් බවත් පොලීසිය පවසයි.
ඔවුන් ඊයේ පස්වරුවේ දික්ඕවිට මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී පිරිමි දරුවා දියේ ගිලී අතුරුදන් විය.
මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 16, 20 හා 30 යන වයස්වල පසුවන අතර මිය ගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 14 කි.
ඔවුන්ගේ මෘත ශරීර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.උස්වැටකෙයියාව පුබුදුගම සහ බදුල්ල, හාලිඇල පදිංචිකරුවන් පිරිසකි.
වැඩිවිස්තර ඇති පොලිස් වාර්තාව පහතින්