ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ජාතිවාදයට එරෙහි සටනට එක්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පළ කර තිබුණි. එක්සත් ජනපදයම ජාතිවාදය හේතුවෙන් මේ වන විට මහත් කැළඹීමකට පත් ව ඇති බව අපි දනිමු. මෙවන් වාතාවරණයක් තුළ Black Lives Matter ව්‍යාපාරයට සහයෝගය දැක්වීම සහ
ජාතිවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ පළමු පියවර තබන අවස්ථාවේ ලොව ප්‍රකට තරු යුවළක් වන ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ඒ හා සම්බන්ධ සංවිධාන දෙකකට තම පරිත්‍යාගයන් සිදුකර තිබේ.

ජාතිවාදයට එරෙහි ලෝක සටනට උදව් කිරීම සඳහා මෙම යුවළ තම දායකත්වය මෙසේ ස්වෙච්ඡාවෙන් දක්වා තිබීම බොහෝ දෙනාගේ ඇගයීමට මෙන්ම තවත් පිරිසකගේ විවේචනයටද ලක්ව තිබේ.  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවාසනාවන්ත මරණයෙන් පසුව මොවුන් දෙපල මෙම ජාතිවාදය වැළැක්වීමේ ව්‍යාපාරය සඳහා තම දායකත්වය සැපයීමට තීරණය කර තිබේ. නමුත් මේ සඳහා විවිධ රටවල ජනතාව විරෝධය පළ කරන අතර තවත් බොහෝ අය ඔහුගේ මරණයට එරෙහි විරෝධතාවලට සහයෝගය පළ කර ඇත.

කෙසේවුවද ජාතිවාදයට එරෙහි සටනට සහයෝගය ලබා දුන් කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට මොවුන් දෙදෙනාගේ ද නම් ඇතුළත් වීම සුවිශේෂී කරුණකි. ප්‍රියංකා මීට පෙරද මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සවිස්තරාත්මක සටහනක් බෙදාගෙන ඇති අතර, නික්ද තම ට්විටර් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ජාතිවාදය අවසන් කිරීමේ සටනට සහාය වීමේ පළමු පියවර ලෙස තමා සහ ප්‍රියංකා සංවිධාන දෙකකට පරිත්‍යාග කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ජාතිවාදී අරගලය හේතුවෙන් තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවත් තවත් තමන් ජාතිවාදයෙකු නොවේ යැයි පැවසීම පමණක්ය ප්‍රමාණවත් නොවන බවත් එබැවින් ජාතිවාදයට එරෙහිව නැගී සිටිමින් කළු ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට කාලය එළඹ ඇති බවත් ය.  අවසානයේ බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට සම්බන්ධ වූ නික් තවදුරටත්  "අපි ඔබ සමඟ සිටිමු, අපි ඔබට ආදරෙයි. # බ්ලැක් ලයිව්ස්මැටර්# යනුවෙන් ද සදහන් කරමින් තිබුණි.

කෙසේ වුවද මේ යුවල  වර්ගවාදය සහ ආගම්වාදය බැහැර කිරීම සම්බන්ධයෙන් බොහෝ කාලයක් තිස්සේ නිහඬ ව සිටි බවත් මෙසේ නිහඬව සිටීම තුළින් එය තව තවත් ශක්තිමත් වන බවත් පවසා ඇති අතර එබැවින් මෙවන් අවස්ථාවකවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු යැයි පවසා තිබේ.

තවදුරටත් නික් විසින් අප සියලු දෙනා කළු ප්‍රජාව සමඟ නැගී සිටිමින් මෙම සටන සඳහා අපගේ දායකත්වය දැක්විය යුතු බව ද ඒ කරා යන පළමු පියවරේදී ප්‍රියංකා සහ මම @eji_org සහ @ACLU වෙත පරිත්‍යාගයන් සිදු කළ බවද පවසා ඇත.

පසුගිය දිනකදී හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු හුස්ම ගැනීම නතර කරන තෙක් මිනිත්තු කිහිපයක්ම ඔහුගේ ගෙල පෙදෙස හිරකරමින් සිටි එක් නිලධාරියෙකුගේ නොහික්මුණු ක්‍රියාව හේතුවෙන් මෙම ජාති භේදය සම්බන්ධයෙන් ගැටුම් මතුවීම ප්‍රබල ලෙස නැවතත් ආරම්භ විය. මෙම ඛේදජනක සිද්ධියේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඔහුගේ මරණයට විරෝධය දැක්වීම සඳහා කිහිප දෙනෙකු එක්සත් ජනපද වීදිවලට ​​බැස ඒ සඳහා සිය පිළිකුල දක්වා තිබුණි. ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ද මෙසේ ජාතිවාදයට එරෙහි සටනට තම සහයෝගය දැක්වීමට උනන්දු වී ඇත්තේ මෙම සිදුවීමෙන් පසුවය.

කෙසේවුවත් ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ට අමතරව බොලිවුඩයේ දීප්තිමත් තරුවක් වන කරීනා කපූර් ඛාන් ඇතුළු තවත් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.
රිෂ්මි ඉෂාරා