බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතිරුව අද (22) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් රථවාහන මුලස්ථානය පවසයි.



උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

මෙහි පළමු අදියර ලෙස ජූනි මස 8 වන දින සිට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරිණි.

අද දින සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවැනි අදියර ලෙස බවද පැවසු ඒ මහතා, බස් ප්‍රමුඛතා මංතීරුව තුළ පුද්ගලික බස් ,ජංගම බස්රථ ,මගී ප්‍රවාහන බස් රථ මෙන්ම මගීන් 20 ට වැඩි පුද්ගලික බස් රථ මෙහි ධාවනය කිරීමට අවසර හිමිවන බවද පැවසීය.