කොරෝනාවෙන් දැඩි ලෙස බැට කෑ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි එල් ලිසු ඔපෙරා ශාලාව පසුගියදා විවෘත කර තිබුනේ සම්පූර්ණයෙන් වෙනස් අරමුණකිනි.
එහි මිනිස් නරඹන්නන් වෙනුවට සිටියේ පෝච්චි පැල 2,292 ක ප්‍රේක්ෂක පිරිසකි.

සංකල්පීය චිත්‍ර ශිල්පියෙකු වන ඉයුජීනියෝ ඇම්පූඩියා විසින් නිර්මාණය කරන ලද මෙම ජෛව ප්‍රසංගයේදී යූසෙලි ස්ට්‍රිං පුචිනි විසින් ‘ක්‍රිසන්ටෙමී’ අංගය ඉදිරිපත් කළ අතර නිරෝධායන කාලයට ප්‍රතිචාරයක් ලෙස සොබාදහම සමඟ වැඩි සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩ ලබා දුන් බව වාර්තා කර තිබේ.
‘මේ කාලය තුළ සොබාදහම සමඟ සිදුවෙමින් පවතින දේ මම බලා සිටියෙමි,’ සංකල්පය ඉදිරිපත් කළ ඉයුජීනියෝ ඇම්පියුඩියා අදහස් දක්වා තිබේ.
‘තවත් බොහෝ කුරුල්ලන් ගායනා කරනවා මට ඇහුණා. මගේ ගෙවත්තේ හා පිටත පැල වේගයෙන් වර්ධනය වෙනවා. මිනිසුන් සහ සොබාදහම සමඟ වඩාත් සමීප ආකාරයකින් මට දැන් සම්බන්ධ විය හැකි බවට සැකයක් නැත. ’ ඔහු කියයි.
ජෛව විද්‍යාව සඳහා වන ප්‍රසංගය උපත ලැබුවේ බාර්සිලෝනා හි එල් ලිසු ඔපෙරා හවුස් සහ මැක්ස් එස්ටෙලා ගැලරිය සහ කියුරේටර් බ්ලැන්කා  අතර සහයෝගීතාවයෙන් ය. එය හරියට ‘දෘශ්‍ය කාව්‍යයක්, සියුම් රූපකයක් මෙන්ම අපට සිනහවක් ගෙන දෙන කාව්‍යයක්’ වැනි ය, ලයිසු හි කලා අධ්‍යක්ෂ වික්ටර් ගාර්ෂියා ඩි ගොමර් පැවසීය.
ප්‍රසංගය අවසන් වූ පසු, ශාක  2,292 බාර්සිලෝනා රෝහලෙහි සිටවීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් වෙත බෙදාහැර තිබුණි.