නෙට්ෆ්ලික්ස් විසින් “ක්‍රීඩා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම අපකීර්තිය” පිළිබඳ නව වාර්තාමය චිත්‍රපටයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ තුළින් ඇමරිකා එක්සත් ජනපද ජිම්නාස්ටික් ක්‍රීඩාවේ පුළුල් ආවරණයක් එළිදැක්වීමට ඉන්ඩියානා පොලිස් වාර්තාකරුවන් ගත් උත්සාහයන් පිළිබඳව අනාවරණයක් සිදුකෙරේ.  Athlete A ලෙස නම් කර ඇති මෙම
චිත්‍රපටය අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වසර දෙකක පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔලිම්පික් වෛද්‍ය ලැරී නසාර්ව සිරගත කිරීම හා පුහුණුකරුවන් දුසිම් ගණනකට ක්‍රීඩාව තහනම් කිරීම සම්බන්ධයෙන් වන විස්තරයක් ඉදිරිපත් කරයි.


එමෙන්ම නිර්භීතව දිවි ගලවා ගත් සිය ගණනක්  ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව විස්තර කරන අයුරුද මෙහි දැක්වේ. කෙසේවෙතත් දරුණු හිංසාවන් සඳහා සාර්ථකව මුහුණ දෙමින් පළමුව දිවි ගලවා ගත් මැගී නිකල්ස් ප්‍රධාන කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

කෙසේවෙතත් ජුනි මාසයේදී නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කිරීමට නියමිත සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මෙය ඉදිරිපත් කළ හැක. මෙම Athlete A චිත්‍රපටය ජුනි 24 වන දින සිට ප්‍රදර්ශනය කිරීම ඇරඹිණි.

රිෂ්මි ඉෂාරා