අමිතාබ් බච්චන් සහ ජයා බච්චන්ගේ 47 වන විවාහ සංවත්සරය වෙනුවෙන් අභිෂේක් හා ෂ්වේතා බච්චන් තම දෙමාපියන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදා ගෙන තිබේ.
වර්තමානයේ වැඩි පිරිසක් ඉලක්ක පසුපස හඹා යමින් තම සිහින යථාර්තයන් බවට පත්කර ගැනීම වෙනුවෙන් වැදගත් දේවල් අමතක කොට දමා කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට හුරුවී සිටියි. එවන් අවස්ථාවක
තමන්ගේ ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස සැලකෙන පවුල වෙනුවෙන් කාලය වැය කිරීම අතිශයින්ම අගය කළ යුතු කරුණකි.  අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් ද කොතරම් කාර්යබහුල වූවත් තම ජීවිතයේ වැදගත්ම අංගයක් වන පවුල වෙනුවෙන් සිය අනිකුත් ආශාවන් සීමා කිරීමට තරම් පරිත්‍යාගශීලී වූ අපූරු යුවළකි.
බොලිවුඩයේ සාර්ථක විවාහ දිවියක් ගත කරන යුවළක් ලෙස ද මොවුන් දෙපළ ඉතා ප්‍රචලිතය.

1973 ජුනි 3 වන දින අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් සිය විවාහ ජීවිතය ආරම්භ කළ අතර මේ දක්වාම ඔවුන් දෙපළ ඉතා සතුටින් කාලය ගත කරයි. දිගුකලෙක විවාහ ගමනක හතලිස් හත් වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ ඔවුන්ගේ දියණිය සහ පුතු වන අභිෂේක් බච්චන් සහ ශ්වේතා විසින් මෙසේ දෙමාපියන්ගේ විවාහ ඡායාරූප පළ කිරීම පිළිබඳව බොහෝ දෙනා සිය සතුට පළ කර තිබුණි.

මේ වන විට අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් නවේලි නන්දා, අගස්ති නන්දා සහ ආරධ්‍යා බච්චන්ගේ ආච්චි සහ සීයා වේ. කෙසේ වුවද වසර 47ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ බොලිවුඩයේ සිටින ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් ලෙස ප්‍රචලිතය.

එමෙන්ම සිය දෙමාපියන්ගේ විවාහ සංවත්සරය නිමිත්තෙන් ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරමින් අමිතාබ් බච්චන් සහ ශ්වේතා බච්චන් විසින් පළ කරන ලද  ප්‍රාර්ථනා සදහා ඔවුන් සියලු දෙනාට ආදරය කරන ප්‍රේක්ෂකයින්ද සිය අදහස් දක්වමින් බච්චන් යුවලට ආශිර්වාද පළ කර තිබුණි.

රිෂ්මි ඉෂාරා