ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ
ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21)  දින දහවල්
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .



මොවුන් අතරින් වැඩි පිරිසක් මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්‍රිත රැකියා වල නිරතව සිටි  අය බව
සදහන් වේ .

ඔවුන් මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන
විශේෂ ගුවන් යානයෙන් අද  දින දහවල් 11.21 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .