මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ 15 දා ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා ඊයේ (16) ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙය යි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේදී උග්‍ර අතට හැරිණි.
ලඩාක්හි ගැල්වාන් නිම්නයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් චීන පාර්ශවයෙන් මියගිය හා බරපතල තුවාල ලැබූවන් ඇතුළු 43 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දියාව ඒ සමගම කියා සිටී.
නැඟෙනහිර ලඩාක්හි සටන් තීව්‍ර වීමේ තත්වය “ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට” චීන හමුදා දැරූ උත්සාහයක් නිසා මෙය පැනනැගුණ බව ඉන්දියාව චෝදනා කරයි.  ජූනි 15 සවස සහ රාත්‍රියේ ලඩාක්හි ගැල්වන් නිම්නයේදී ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ඇතිවිය.
ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවාස්තවා මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් දෙපාර්ශ්වයම තුවාල ලැබූ බවත්, ගැල්වාන් නිම්නයේ තථ්‍ය පාලන රේඛාවට (එල්ඒසී) ගරු කිරීම සඳහා චීන පාර්ශ්වය බැඳී සිටියත් සම්මුතියෙන් ඉවත්ව ගිය බවය.
ආරක්ෂක ඇමති රාජ්නාත් සිං නැගෙනහිර ලඩාක්හි සිදු වූ වර්ධනයන් පිළිබඳව සමාලෝචන රැස්වීම් දෙකක් පැවැත්වීය.

අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියයි.
දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් සිය සෙබළුවන් තිදෙනකු මරුමුවට පත්වූයේ යැයි ඉන්දීය හමුදා මුලින් නිවේදනය කළ නමුත් තවත් 17 දෙනකු මරණයට පත්ව ඇතැයි එම හමුදා පසුව නිවේදනය කළේය.