හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත්පත් මාධ්‍යයවේදියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් ,රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් ඊයේ (02) සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කර තිබෙනවා.
කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා සඳහන් කළේ එම මාධ්‍යයවේදියා පසුගියදා මිය ගිය තොණ්ඩමන් මහතාගේ දේහය තබා තිබු බත්තරමුල්ල ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා සහභාගී වී ඇති බවයි.

ආපසු පැමිණිමෙන් අනතුරුව එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

පසුව දික්ඔය මුලික රෝහලෙන් PCR පරික්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහි වාර්තා ලැබීමෙන් අනතුරුව නැවතත් PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

මේ වනවිට එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා සහ අනෙක් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස තුලම ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කළා.