ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර උසෙයින් බෝල්ට් හා ඔහුගේ පෙම්වතිය වූ කසි බෙනට් මවුපිය පදවිය ලබා තිබේ. ඒ ඔවුන් දෙදෙනාගේ සිඟිති දියණිය පෙර්දා (18දා මෙලොව එළිය දැකීමත් සමගිනි. මෙහිදී
ඔවුන් දෙපළට සුබ පතා
ජැමෙයිකානු අග්‍රාමාත්‍ය හෝල්නස්ද සිය සමාජ මාධ්‍ය ඔස්සේ සුභපැතුම් එක් කර ඇත.
34 හැවිරිදි බෝල්ට් පුරා ඔලිම්පික් තරගාවලි ත්‍රිත්වයකදී (2008, 2012,2016) මීටර් සියය හා දෙසීය ධාවන ඉසව්වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. එමෙන්ම වත්මන් මීටර් සියය හා දෙසීය ලෝක වාර්තාද හොබවන බෝර්ට් මේ දක්වා කෙටිදුර ධාවන පීටියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින්ද සැලකේ.