හුදකලා කර තිබු අවසන් තැන් දෙක සුදුවැල්ල හා බණ්ඩාරනායක මාවත විවෘත කෙරේ

Ad Code

හුදකලා කර තිබු අවසන් තැන් දෙක සුදුවැල්ල හා බණ්ඩාරනායක මාවත විවෘත කෙරේ

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශ යලි විවෘත කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන්
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මෙරට කිසිදු ගම්මානයක් මේ වන විට හුදෙකලා කොට නොමැති බව ඔහු දන්වා සිටියේය.

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද ඔහු කියා සිටියේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu