සල්මාන් ඛාන් හා ජැකලින් ෆර්නැන්ඩස් යනු බොලිවුඩයේ දීප්තිමත් තරු යුවළකි. අගුලු දැමීමේ කාලසීමාව තුළදී ජනප්‍රිය නළු සල්මන් ඛාන් විසින් ඔහුගේ  'Tere Bina’ සංගීත වීඩියෝව රසික ප්‍රජාව වෙත පිරිනමා තිබේ.
සල්මාන් හෙළි කර ඇත්තේ මෙම ගීතය
ඔහුගේ පන්වෙල් ගොවිපොළේ දී පුද්ගලයින් තිදෙනෙකු සමග රූගත කර ඇති බවයි.  මෙම තෙරෙ බිනා ගීතය ගායනා කර අධ්‍යක්ෂණය කර ඇත්තේද මේ සුපිරි තරුවයි.

ඔහුගේ පළමු ගීතය වන “ප්යාර් කරෝනා” ට පසුව මෙම නව ගීතය  එළිදක්වා තිබේ. ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ගීතයට සවන් දෙන ලෙස තම රසික ජනතාවගෙන් ඉල්ලා තිබේ.

සති හතකට පමණ පෙර ගොවිපොළට පැමිණි විට අගුලු දමා ඇතැයි ඔවුන් නොදන්නා බවත්  ඒ නිසා එම කාල සීමාව තුළ කාර්යබහුල වීමට අවශ්‍ය වීම හේතුවෙන් මේ ගීතය නිර්මාණය කිරීමට තීරණය කළ බවත් සල්මන් ඛාන්  පවසා තිබුණි.

අපට මෙය සිදුකළ හැකි යැයි තමන් නොසිතූ බවත් තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ මෙවැනි විශාල කාර්යයක් සිදු කිරීම පිළිබඳව විශ්වාසයක් නොතිබූ බවත් ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසා තිබුණි. නමුත් මෙම නිර්මාණය හරහා තමන්ට හොඳ අත්දැකීමක් ලැබුණු බවත් තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳ දැනුමක් ලැබුනු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ජනප්‍රිය නළු සල්මාන් ඛාන් මෙන්ම ජැකලීන් ෆර්නැන්ඩස්ද තම රසික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගීතය නරඹා ඊට ප්‍රතිචාර දක්වන ලෙසත් එය තම හිත මිතුරන් අතර බෙදා හදා ගන්නා ලෙසත්ය.

(රිෂ්මි ඉෂාරා)