ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.



එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 05ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.

ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක්ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.