කටාර් රාජ්‍යයේ සිට හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට ගෙන ඒම තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්
අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

හෙට (26) දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැළසුම් කර තිබුණා.