කොරෝනා මර්ධන මෙහෙයුම් වලින් නාවික හමුදාව තාවකාලික ලෙස ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය ජාල සහ පුවත් වෙබ් අඩවි කිහිපයක පළ කර ඇති තොරතුරු අසත්‍ය බව නාවික හමුදාව පවසනවා.


නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික යාන්ත්‍රනය තුළ සිදු කෙරෙන කිසිඳු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවයි.

එම කටයුතු සඳහා හැකි උපරිමයෙන් සිය දායකත්වය ලබා දෙන බවයි එම නිවේදනය මගින් දක්වා ඇත්තේ.

එමෙන්ම එවැනි අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ආයතන සහ පුද්ගලයින් සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා සූදානම් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.