2019 වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනියා වු සිසුවා ඊයේ
(23දා) සවස මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්
පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක් වු ප්‍රදීප්කුමාර් වලර්සිකන් නමැති
තරුණයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා තවත් තරුණයෙකු සමඟ දිය නෑමට වැවට ගිය අවස්ථාවේ දියේ ගිලී තිබේ. මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය මිතුරාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.